Thursday, May 16, 2024

General line - 0115112241

සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක්




අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු කියා සිටියේ තමාට ආසන්නතම ඔසුසැලට ගොස් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ කාලය තුළ ඉඩ ලැබෙන බවයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ඉදිකිරීම් කටයුතු සිදුකළ හැකි බවයි. 

අදාළ කාලය තුළ ඩිලිවරි සේවා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල රථ සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ මාර්ග නීති උල්ලංඝණය කරන තත්ත්වයක් ඉකුත් සති අන්තයේ දැකගත හැකි වූ බවයි.