Thursday, May 16, 2024

General line - 0115112241

වැඩි මිලට PCR පරීක්ෂණ සිදුකරනු ලබන අවසර නොලත් ඖෂධ අලෙවිසැලක් ගැන නෙත් අනාවරණයක්




කොරෝනා ආසාදිතයින් හඳුනා ගන්නා PCR පරීක්ෂණ විවිධ ආයතන විසින් නියමිත මිලට වඩා වැඩියෙන් අය කරමින් සිදුකරන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ පිළිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී එලෙස වැඩිමිලට PCR පරීක්ෂණ සිදුකරන ඔසුසැලක් හා වෛද්‍ය සායනයක් ලෙස ලියාපදිංචි ආයතනයක් අපට හමුවුණේ රත්මලාන ප්‍රදේශයෙන්.

එම ආයතනය විසින් PCR පරීක්ෂණයක් සිදුකිරීමට රුපියල් 11,500 ක මුදලක් අය කරන බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඒ අනුව ඡක්‍ඍ පරීක්ෂණයක් සිදුකර ගැනීමට යැයි පවසමින් නෙත් නිවුස් එම ආයතනය ඇමතුවා. එහිදී අනාවරණ වුණේ ඔවුන් රුපියල් 4250 ක මුදලකට ඇන්ටිජන් පරීක්ෂණ ද සිදුකරන බවයි. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරියගෙන් විමසීමක් කළා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ ඡක්‍ඍ පරීක්ෂණ සිදුකළ හැක්කේ පිළිගත් සහ අවසර ලබාදුන් ආයතනවලට පමණක් බවයි. 

මේ අතර කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මුදලට, පුද්ගලයින්ට එන්නත් කරණ බවට නෙත් නිවුස් කළ අනාවරණයට සෞඛ්‍ය අමාත්‍යංශය අවධානය යොමු වී තිබෙනවා. එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධ වන පුද්ගලයින්ට එන්නත ලබා දීමට රුපියල් 2000 ක් වැනි මුදලක් අය කර ගැනීමට ජාවාරම්කරුවන් උත්සහ දරණ බවටයි නෙත් නිවුස් අනාවරණ කළේ. 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ උපදේශක කාරක සභා රැස්වීමේදී අවධානයට ලක් වුණා. එවැනි ක්‍රියා නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමටයි එහිදී තීරණය වී ඇත්තේ.