Thursday, May 16, 2024

General line - 0115112241

ව්‍යාජ විදේශ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට




ව්‍යාජ විදේශීය මුදල් නෝට්ටු සමග පුද්ගලයෙකු තලාව මොරගොඩ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී ගංජා ග්‍රෑම් 403ක් සොයා ගෙන ඇති අතර එහිදී කළ ප්‍රශ්ණ කිරීම්වලදී සැකකරු තාවකාලිකව නවාතැන් ගෙන සිටි නිවසේ තිබී අමෙරිකානු ඩොලර් 100යේ ව්‍යාජ නොට්ටු 12ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.

සැකකරු සතුව තිබී විලංගු යුගලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.