Wednesday, May 15, 2024

General line - 0115112241

අකුණු සැරයක් නිසා ඇතිවූ කම්පනයකින් වතු කම්කරුවන් 17ක් රෝහල් ගත කරයි  (PHOTOS)




අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයෙන් සහ සුළු පිලිස්සුම් තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු අද (23) දින කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය  නිලධාරි සාවිත්‍රි ශර්මා පවසනවා.

කොටගල ඩ්රේටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි අද උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති යකඩ කුළුණකට අකුණු සැර පතිත වි ඇත.

අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සදහා දිව ගොස් ඇති අතර තවත් වතු කම්කරුවන් පිරිසක් තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.