Thursday, May 16, 2024

General line - 0115112241

කළු දිලීර ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු මෙරටින් හමු වී නැහැ - සෞඛ්‍ය අංශ තහවුරු කරයි (VIDEO)




අම්පාර මහ රෝහලේදී මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ ව්‍යාප්තවන කළු දිලීරය නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක පවසනවා. ඔහු කියා සිටියේ මෙම පුද්ගලයාට ආසාදනය වී තිබුණේ වෙනත් දිලීරයක් බවයි.  

එම පුද්ගලයාට ආසාදනය වී තිබූ එම දිලීර වර්ගය පිළිබඳ අම්පාර මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මෙලෙස වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

මේ අතර ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මේ වන විට කළු දිලීර වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අපිරිසිදු මුව ආවරණ පැලදීම සහ නිසි අයුරින් වාතාශ්‍රය නොලැබෙන කාමරවල රෝගීන් රදවා තැබීම කළු දිලීර තත්ත්වය ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සැක පළ කරන්නේ. මෙම දිලීරය ආසාදනය වීමෙන් පසු නාසයෙන් රුධිරය ගැලීම, ඇස් ඉදිමීම සහ වේදනා ඇති වීම ඇහි පිල්ලම් එල්ලා වැටීම, බොද වුණ ලෙස පෙනීම හෝ අන්ධභාවය ඇති වන බවද වෛද්‍යවරුන් පෙන්වා දි තිබෙනවා. මීට පෙර කළු දිලීර ආසාදනය වූ පුද්ගලයින් අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයකින්ද වාර්තා වී තිබුණා. මේ වන විට ඉන්දියාවෙන් කළු දිලීර ආසාදනය වූ පුද්ගලයින් 9,000කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින 12ත් 18ත් කාලය තුළ මොවුන් කළු දිලීර රෝගයට ගොදුරු වී ඇති බවයි.