Sunday, May 19, 2024

General line - 0115112241

ගිනි ගන්නා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලය ඉවත් කර ගනියි : බහාලුම් 08ක් මුහුදට වැටෙයි  - VIDEO




කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සේවය කරනු ලබන නාවිකයින් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔවුන්ව නෞකාවෙන් ඉවත් කර ගැනීමේදී ඇතිවූ තුවාල හේතුවෙන් බව සඳහන්.

මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ තිබූ බහලුම්වලින් බහාලුම් 08ක් මුහුදට වැටී ඇති අතර වර්ෂාව සහ මුහුදේ රළු සොභාවයත් සමග ඇතිවී තිබෙන ගින්න වැඩිවී ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාව තුල පිපිරිම්ද සිදුවන බවයි නාවික හමුදාව පැවසුවේ.