Sunday, May 19, 2024

General line - 0115112241

නිරෝධායන රීති කැඩූ තවත් 745 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින 745 දෙනෙකු ගෙවුණු පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා  කාලය තුළ නිරෝධායන රීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෙවුණු පැය 24 තුළදී බවයි.

මේ දක්වා නිරෝධායන රීතීන් කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 13,493 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.