Sunday, May 19, 2024

General line - 0115112241

ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී අත්අඩංගුවට




ව්‍යාජ මුදල් නෝට්ටු 07 ක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ ගල්පොත්ත හන්දියේදී ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව හැගවීම සදහා ව්‍යාජ ලෙස සකස් කරන ලද හැදුනුම්පත් 02 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කෙට්ඨාශය පැවසුවේ.

සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තාවකාලිකව ලැගුම්ගෙන සිටි සීදූව අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක තිබී තවත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සොයාගෙන ඇති බවද පොලීසිය පැවසුවා.

රුපියල් 5,000 සේ ව්‍යාජ නෝට්ටු 04 ක්, රුපියල් 1,000 සේ ව්‍යාජ නෝට්ටු 133 ක්, රුපියල් 100 යේ ව්‍යාජ නෝට්ටු 71 ක් සහ රුපියල් 50 හේ ව්‍යාජ නෝට්ටු 747 ක් එහිදී සොයාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.