Sunday, May 19, 2024

General line - 0115112241

ලක්ෂ 02 කට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙන්නෙක් අල්ලයි




රුපියල් ලක්ෂ 02 කට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය සමත් වී තිබෙනවා.

සීදූව අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

එදිනෙදා මුදල් ගණුදෙනු කිරීමේදී මහජනතාව ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.