Sunday, May 19, 2024

General line - 0115112241

පා ගමන් නීතිය ඇතැම් තැන්වලදී කැඩෙයි




සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා ජනතාව වෙළදසැල් කරා පැමිණෙන ආකාරය අද උදෑසන සිට දක්නට ලැබුනා.

කෙසේ වෙතත් පා ගමනින් පැමිණ භාණ්ඩ මිලදී ගත යුතු බවට නිවේදනය කර තිබුනත් එවැනි තත්ත්වයක් බොහෝ ප්‍රදේශවල දක්නට නොලැබුනු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිලිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.

දඹුල්ල සහ අවට ප්‍රදේශවල තත්ත්වය පිළිබද තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු කාන්චන කුමාර ආරියදාසගෙන්.

 

 

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවුලපිටිය නගරයට ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබුන බව නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු තරංග රුක්ෂාන් ජයසේකර පැවසුවා.