Sunday, May 19, 2024

General line - 0115112241

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ජර්මනිය තීරණයි




වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ජර්මනිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන ජූනි මස 07 වනදා සිට එම තීරණය ක්‍රියාත්මක කරන බවයි ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් පැවසුවේ.

අදාළ තීරණයට අනුව ජූනි මස 07 වදා සිට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම වෙනුවෙන් ජර්මනියේ වෙසෙන වයස අවුරුදු 12 වැඩි ළමුන් සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකියි.

ජර්මනිය මෙම තීරණය ගෙන ඇත්තේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් සඳහා ෆයිසර් බයෝඑන් ටෙක් එන්නත ලබාදීම වෙනුවෙන් යුරෝපානු ඖෂධ ඒජන්සිය අද දිනයේදී අනුමැතිය ලබාදීමට නියමිත පසුබිමක් තුළයි.

කෙසේවෙතත් වයස අවුරුදු 16 ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීම යුරෝපානු සංගමය මේවනවිටත් අනුමත කර අවසන්.

අමෙරිකාව හා කැනඩාව ද මේවනවිටත් වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙනවා.