Sunday, May 19, 2024

General line - 0115112241

සංචරණ සීමා ජුනි 07 දක්වා අඛණ්ඩව 




සංචරණ සීමාවන් අඛණ්ඩව ජුනි මස 07 වෙනිදා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව මැයි  31 වෙනිදා සහ ජුනි මස 04 වෙනිදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇති.

ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හරහා යාන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බවයි මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.