Sunday, May 19, 2024

General line - 0115112241

ගතවූ පැය 24 තුළ ද මෙරට දිස්ත්‍රික්ක 25 න්ම කොරෝනා ආසාදිතයින් වාර්තාවෙයි




ගතවූ පැය 24 තුළ ද මෙරට දිස්ත්‍රික්ක 25 න්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 429 ක්.

ඒ අතරින් දෙහිවල සහ පාදුක්ක යන ප්‍රදේශවලින් ආසාදිතයින් 51 දෙනා බැගින් හා නවගමුවෙන් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ගම්පහින් වාර්තා වූ ආසාදිතයින් 415 දෙනාගෙන් වැඩිම පිරිස වන 67 දෙනෙකු වාර්තා වී ඇත්තේ රාගම ප්‍රදේශයෙන්. 43 දෙනෙකු කිරිඳිවැල ප්‍රදේශයෙන් ද, 35 දෙනෙකු දොම්පේ ප්‍රදේශයෙන් ද හඳුනා ගැනුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 356 ක්.

ඉන් 63 දෙනෙකුම වාර්තා වන්නේ වාද්දූවෙන්. මීට අමතරව නුවරඑළියෙන් 162 දෙදෙනෙකු, රත්නපුරයෙන් 156 දෙනෙකු හා ගාල්ලෙන් 155 දෙනෙකු වශයෙන් ආසාදිතයින් වාර්තා වුණා.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ අප්‍රේල් 15 වනදායින් පසු අළුත් අවුරුදු කොරෝනා පොකුරෙන් පමණක් ආසාදිතයින් 77,765 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඊයේ සිදුවූ මරණ සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කෙරුණා.

එම මරණවලින් 07 ක්ම සිදුව ඇත්තේ නිවෙස් තුළයි.