Sunday, May 19, 2024

General line - 0115112241

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පළමු එන්නත ලබාගත් ස්ථානයෙන්ම




මැයි මස 31 සහ ජුනි මස 04 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබු තීරණය අත්හිටුවීමටත්, ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මගින් බෙදාහැරීමටත් පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවසින් බැහැර යාමට අවසර ලැබෙනවා.

ඒ ආනුව මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළග තබාගැනීම අනිවාර්යය වනවා.

කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීමට රජය ගන්නා උත්සාහයට ජනතාව ද වගකීමෙන් සහාය දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

සයිනොෆාම් එන්නත ලබාදීම මැයි මස 08 වනදා සිට ආරම්භ කෙරුණා.

එහි ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජුනි මස 08 වනදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාගත් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දෙනු ලැබුවා.

සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.