Sunday, May 19, 2024

General line - 0115112241

සංචරණ සීමා පැනවුවත් එන්නත්කරණ වැඩසටහන දිගටම (VIDEO)




සංචරණ සීමා ක්‍රියාත්මක වුවද, එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සයිනොෆාම් ප්‍රථම එන්නත ලබාගත් ජනතාවට, ජූනි මස 08 වනදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ලබාදුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගන්නා ලෙයසි ජනාධිපතිවරයා අද සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ. 

මේ අතර එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙලෙස අදහස් පළ කළා.  

මේ අතර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අද උදෑසන අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔහු මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොරටුව ප්‍රදේශයේ ඊයේ ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහනකදී තමන් ලබාදුන් තුණ්ඩු රැගෙන ආ පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා නොදුන් බවට මොරටුව නගරාධිපතිවරයා චෝදනා කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.