Sunday, May 19, 2024

General line - 0115112241

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ 




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. එම කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත්කර තිබෙනවා.

ඊට අමතරව පහත සඳහන් නිලධාරීන් එම කොමිසමේ සාමාජීකයින් ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසුරිය, ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්යික්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා පත්කර ඇත.