Sunday, May 19, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපතිගේ උපන්දින සැමරුමට ඉඩදුන් ASPට ස්ථාන මාරුවක්




කුරුණෑගල පොලිස් ස්ථානයේ පරිශ්‍රයක පැවති පිරිත් පිංකමක් අතරතුර කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමකට එක්වූ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

කුරුණෑගල පොලීසිය තුළ මෙම උපන්දින සැමරුමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය ද සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් දැනටමත් ඒ ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශය බලා පිටත් කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.