Sunday, May 19, 2024

General line - 0115112241

වැඩිම කොරෝනා මරණ අනුපාතය ඇති රට ගැන හෙළිදරව්වක්




ලොව වැඩිම කොරෝනා මරණ අනුපාතය පේරු රාජ්‍යයෙන් වාර්තා වන බව අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජෝන්ස් හෝපකින්ස් විශ්වවිදයාලයේ දත්තවලට අනුව පේරු රාජ්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති මරණ සංඛ්‍යාවට වඩා දෙගුණයකටත් වැඩි විය හැකි බවයි විදෙස් වාර්තා අනාවරණ කර අත්තේ.

නිළ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති පේරු රාජ්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව 69,342 ක්. කෙසේ වෙතත් එම මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 80,000 ඉක්මවන බව එරට අග්‍රාමාත්‍ය වයලෙටා බර්මියුඩෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ජාත්‍යන්තර විශේෂඥයින්ගේ උපදෙස් අනුව කොරෝනා මරණ පිළබද යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කිරීම සිය යුතුකම බවයි පේරු අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ. එරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙගුණ වීමට හේතු වී ඇතිතේ කොරෝනා මරණ තීරණය කිරීම සදහා මෙතෙක් යොදාගත් නිර්ණායක වෙනස් කිරීමයි.

ඒ අනුව පේරු රාජ්‍යයේ පුද්ගලයින් ලක්ෂයකට වාර්තා වන කොවිඩ් මරණ ගණන 500 ඉක්මවා ඇති බව විදෙස් වාර්තාවල සදහන්.