Friday, May 3, 2024

General line - 0115112241

රට අවදානමේ දැමූ ගිනිගත් නැවේ තෙල් ගැන අනාවරණයක්




ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ඉන්ධන සම්බන්ධයෙන් අද විශේෂ අනාවරණයක් සිදු කෙරුණා. ඒ, අද පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි. 

මෙම නෞකාව ගිනි ගන්නා අවස්ථාවේ එහි අඩංගුව තිබූ තෙල් ප්‍රමාණය ටොන් 320 කට අධිකයි. යම් හෙයකින් නැව මුහුදබත් වුවහොත්, එම තෙල් සාගර ජලය හා මුසුවී මෙරට මුහුදු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි මේවනවිටත් මත පළවී ඇත්තේ. ප්‍රධාන විදෙස් මාධ්‍ය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදවන විට සිය ප්‍රමුඛ අවදානයක් ලබාදී තිබුණා. ඒ, නෞකාවේ ඉන්ධන මුහුදට එක්වවුහොත් සිදුවිය හැකි හානිය සම්බන්ධයෙන් ද වාර්තා කරමින්. 

පවතින අවදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වාගෙන් විමසීමක් කළා. 

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා කියා සිටියේ නෞකාව තුළ තවදුරටත් ඉන්දන ඇත්දැයි සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. 

මේ අතර නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මෙලෙස පැහැදිළි කළා. 

මේ අතර අදාළ නෞකාව හිමි සමාගම සහ නෞකාවේ කොටසක් මුහුදුබත් විමට පෙර ගැඹුරු මුහුදට ඇදගෙන යාමට නොහැකි වීම සම්බන්ධයෙන් ද මේවනවිට සමාජයේ කථාබහක් මතුවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක අදහස් පළ කළේ මෙලෙසයි. 

විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද මෙම මාධ්‍ය හමුවට එක්වුණා. 

මේ අතර ගිනි ගැනීමට ලක්වූ නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නාවික හමුදාවේ 09 දෙනෙකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් ද අදාළ මුහුද ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. ඒ, නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දුවක් ඇත්දැයි සොයා බැලීමටයි.