Friday, May 3, 2024

General line - 0115112241

නිරෝධායන රීති කඩ කළ මහනුවර පෞද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් සෞඛ්‍ය අංශ හා පොලීසිය වටලයි




නිරෝධායන රීතිවලට පටහැනිව මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයක් සෞඛ්‍ය අංශ හා පොලීසිය විසින් අද වටලනු ලැබුවා. එම අවස්ථාවේ එහි සිසු සිසුවියන් 50 දෙනෙකු පමණ රැඳී සිට තිබෙනවා. පරිපාලන අංශයේ 08 දෙනෙකු ද සමග දින 14 ක කාලයක් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. මූලික විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එහි සිටි එක් සිසුවියකට කොරෝනා ආසාදවය වී තිබූ බවටයි. 

මේ අතර හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් පිටරත්මලේ, තොටලාගල හා දඹේතැන්න යන තේ වතුවල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවිකාවන් පිරිසකටයි. ඔවුන් එකම බස්රථයකින් හපුතලේ සිට බලංගොඩ දක්වා ගමන් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.    

මේ අතර මාස දෙකක පමණ කාලයක සිට කිසිදු නිවාඩුවක් නොලබා දිනකට පැය 22 ක් නේවාසික කොරෝනා ආසාදිතයින්ට ඇප උපස්ථාන කරන යූ ඩී ඒ ප්‍රේමකුමාර නමැති රෝහල් සුළු සේවකයෙකු පිළිබඳ අපූරු පුවතක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ අද වාර්තා වුණා.