Friday, May 3, 2024

General line - 0115112241

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය ඇරඹේ




කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කිරීමට පියවර ගන්නා ලෙසටයි. මෙරටදි නිපදවිය හැකි යන්ත්‍ර මෙරදීම නිපදවීමටත් පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. 

නිකුත් කෙරෙන කාබනික පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම පස පරීක්ෂාවෙන් අනතුරුව සිදුකරන ලෙසත්, දිවයිනේ සියලු ගොවිජන මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ ලබාදීමටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 

මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ රටට අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර මෙරටදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.