Friday, May 3, 2024

General line - 0115112241

පළමු මාත්‍රාවට පමණක් තැන දුන් ඉන්දියාවේ එන්නත්කරණයට දැවැන්ත චෝදනාවක්




ඉන්දියාව තුළ සිදු කෙරෙන කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා. එහි විනිසුරුවරුන් මධ්‍යම රජයෙන් විමසා ඇත්තේ එන්නත් ලබාදීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ලියාපදිංචි වන ලෙසට ජනතාවට දැනුම් දුන්නේ ඇයිද යන්නයි. 

ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් නොමැති වීම හේතුවෙන් එම ජනතාව එන්නත්කරණ වැඩසටහන සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ලියාපදිංචි වීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි. එවන් පසුබිමක් තුළ එන්නත්කරණයෙන් මගහැරෙන ජනතාවට එන්නත් ලබා දෙන්නේ කෙසේදැයි කරුණු පැහැදිළි කරන ලෙසයි ඉන්දීය ශ්‍රේෂඨාධිකරණය එරට මධ්‍යම රජයට දැනුම් දී ඇත්තේ. 

ඉන්දියාවේ එන්නත්කරණය ආරම්භ වන්නේ ඉකුත් ජනවාරි මස මැද භාගයේදීයි. මේ දක්වා එන්නත් කර ඇති සංඛ්‍යාව මිලියන 220 කට අධිකයි. එහෙත්, එන්නත් මාත්‍රා 02 ම ලබාදී ඇත්තේ ඉන් සියයට 3 ක් වැනි සුළු ප්‍රතිශතයකට පමණයි.