Friday, May 3, 2024

General line - 0115112241

ඩුබායි ලොතරැයියේ පළමු ත්‍යාගය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි




 ඩුබායි හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයෙකු මෙවර "බිග් ටිකට් ලොතරැයි තරගයෙන්" ඩිරාම් මිලියන 15ක ප්‍රථම ත්‍යාගය දිනා ගැනීමට අද සමත්ව තිබෙනවා. මෙම ත්‍යාගය දිනා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයා Rasika Jds ලෙස හඳුනා ගෙන ඇති බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන මොහු තවත් 05 දෙනෙකු සමග එක්ව ටිකට් පත මිලදී ගෙන ඇති බවයි ජයග්‍රාහණය ලැබීමෙන් පසු ප්‍රකාශ කර සිටියේ.

අද තරගයේදී මෙම ජයග්‍රාහි ටිකට් පත තෝරා දෙනු ලැබුවේ ඉකුත් මාසයේ පැවති බිග් ටිකට් ලොතරැයි දිනුම් වාරයේදී ඩිරාම් මිලියන 12ක ත්‍යාග මුදල දිනා ගනු ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිශ්ෆික් වීමද විශේෂත්වයක්.