Friday, May 3, 2024

General line - 0115112241

කොරෝනා සමයේ වැරදි ඇබ්බැහිවලින් දරුවන් බේරා ගන්න ක්‍රමයක්




සංචරණ සීමා හේතුවෙන් නිවෙස් තුළට වී සිටින දරුවන් විවිධ වැරදි ඇබ්බැහිවීම් වලට යොමු වෙමින් ඇතැයි වාර්තා පළ වනවා. ඔන්ලයින් අධ්‍යාපනයට කාලය වෙන් කරනවායැයි මව්පියන්ට පවසමින් ඇතැම් දරුවන් රාත්‍රිය වන තුරු අන්තර්ජාලය ඔස්සේ විවිධ ඇබ්බැහිවීම් වලට යොමුව ඇති බවයි නෙත් නිවුස් ඇමතූ මව්පියන් පැවසුවේ. ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරන ඇතැම් පරිඝණක ක්‍රීඩා ඒ අතරින් ප්‍රධානයි. ඇතැම් දරුවන් කණ්ඩායම් වශයෙන් එක්ව එවැනි ප්‍රචණ්ඩත්වයෙන් යුත් ක්‍රීඩාවලට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු මොනවාද?

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ පිළිබඳ සාකච්ඡා කළා. මේ, ඊට එක්වූ කළමනාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය.