Friday, May 3, 2024

General line - 0115112241

ගතවු පැය 24 තුලදී කොරෝනා ආසාදිතයින් 3297ක් සහ මරණ 42ක්




ගතවූ පැය 24 තුළද මෙරට දෛනික ආසාදිතයින් 3000 සීමාව පසුකර ගියා. මෙලෙස දෛනික ආසාදිතයින් 3,000 සීමාව පසුකළේ අඛණ්ඩව දෙවන දිනටයි. මෙලෙස දෛනික ආසාදිතයින් සීමාව අඛණ්ඩව 3,000 සීමාව පසුකර ගියේ සති දෙකකට පසුවීම ද විශේෂත්වයක්. මේ, ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා. 

මේ අතර ජූනි මස අගවන විට ලොව රටවලට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 25 ක් සපයන බව අමෙරිකාව පවසනවා. 
ඒ යටතේ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට එන්නත් මාත්‍රා මිලියන 07 ක් පරිත්‍යාග කිරීමටයි අමෙරිකාව සැලසුම් කර ඇත්තේ. එම සැලසුම යටතේ 

ශ්‍රී ලංකාවට ද, අමෙරිකාවෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගයක් හිමිවනු ඇති. කෙසේවෙතත්, අමෙරිකාවෙන් එලෙස මෙරටට හිමිවන කොරෝනා එන්නත් වර්ගය කුමක්ද යන්න හෝ කොපමණ එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරටට හිමිවන්නේ ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ. අමෙරිකාව එලෙස ලබාදෙන කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවලින් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට ද හිමිවීමට නියමිතව තිබෙනවා.