Sunday, May 19, 2024

General line - 0115112241

කොවිඩ් මරණ 54ක් වාර්තා වෙයි 




තවත් කොරෝනා මරණ 54 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. මැයි මස 10 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති බවට සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මරණ 15 ක් සහ ජුනි මස 02 වනදා සිට 07 වනදා දක්වා සිදුව ඇති බවට තහවුරු කළ මරණ 39 ක් ඒ අතර වනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී සිදු වූ කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ දිනයේ තහවුරු කළ මරණ 54 ත් සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,843 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2,637 ක්. ඒ සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන දෙලක්ෂ 10,661 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.