Sunday, May 19, 2024

General line - 0115112241

බලාගාර ආශ්‍රීත ජාලාශ කිහිපයක ජල මට්ටම ඉහලට




කාසල්රි සහ මවුස්සාකැලේ ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට යලිත් අධික වැසි ඇදහැලීමත් සමග එම ජලාශවල ජල මට්ටම ඉහල යාම හේතුවෙන්.

විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති අතර, කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල එක් වාන් දොරටුව බැගින්  විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ.

ජලාශ වල ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයද උපරිම ධාරිතාවකින් සිදුවන බවයි ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් වැඩිදුරටත් සඳහන් කළේ.