Friday, May 3, 2024

General line - 0115112241

තොග වෙළදාම් සදහා ආර්ථික මධ්‍යස්ථාන 12 සහ 13 දෙදින විවෘත කිරීමට තීරණයක්




දිවයිනේ සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ලබන 12 සහ 13 යන දෙදින තුළ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ තොග වෙළදාම් සදහා පමණක් එම මධ්‍යස්ථාන විවෘත කෙරෙන බවයි.

ඒ අනුව සියලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන මෙන්ම පෑලියගොඩ මැනින් වෙළදසැලද ජුනි 12 සහ 13 යන දිනවල විවෘතකර තැබෙන බවයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.