Friday, May 3, 2024

General line - 0115112241

අධිකරණ කේෂ්ත්‍රයේ නව පත්වීම් 03 කට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය




අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට පාර්ලිමේන්තු සභාව එකඟතාවය පළ කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබු යෝජනාවකට අනුවයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ විශ්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි අර්ජුන ඔබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස නම් කර ඇත්තේ. 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස කේ.පී ප්‍රනාන්දු පත්කිරීමටත් මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමටත් පාර්ලිමේන්තු සභාව එකඟතාව පළකර තිබෙනවා.

මීට අමතරව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ විශ්‍රාම ගැනීමෙන් ඇති වූ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය පත්කිරීමටයි පාර්ලිමේන්තු සභාවේ එකගත්වය පළ ව ඇත්තේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවේ රැස්වීමේ දී එම එකගතාවන්ට එලඹි බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසානයක වැඩිදුරටත් සඳහන් කළේ.