Friday, May 3, 2024

General line - 0115112241

අගමැති හමුවීමට පැමිණි මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු බව හෙළිවෙයි




තවත් කොරෝනා ආසාදිතයන් 2,713 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වි තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 212,834 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ, අද (09) අග්‍රාමාතයවරයා හමුවීම සදහා අරලියගහමන්දිරයට පැමිණි අවස්ථාවේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදියී.