Friday, May 3, 2024

General line - 0115112241

තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වෙයි : ගතවූ දින 09කදී මරණ 426ක් 




තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි.

මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.

මිය ගිය පිරිස අතර කාන්තාවක් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු වන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවරු කර ඇත්තේ. නිවසේදී මිය ගිය පුද්ගලයින් 06 දෙනෙකු සහ රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගිය 05 දෙනෙකුද ඒ අතර වනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 1,910ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර ඊයේ දිනය තුළ වාර්තා වු කොරෝනා ආසාදිතයින් 2,735 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වු කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.  

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳවද යුද හමුදාපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.