Friday, May 3, 2024

General line - 0115112241

ගෑස් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්




ද්‍රවීකෘත පොට්‍රා්ලියම් වායුව හෙවත් එල් පී ගෑස් අඩංගු කිලෝ ග්‍රෑමි 12 දශම පහේ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලුම ගෑස් අලෙවිසැල් තුළ මිලදී ගැනීම සදහා තිබිය යුතු බවට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2003 අංක 09 දරණ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ බලතල ප්‍රකාරව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභොගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින්.

ගෑස් අලෙවි නියෝජිතයින් විසින් කිලෝ ග්‍රෑම් 12.5 හේ එල් පී ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රා ආකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් නොකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්. අදාල විදි විධාන ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

නව හදුන්වා දීමක් ලෙස ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් 12.5 පැරණි ගෑස් සිලින්ඩර් වෙළදපොලේ හිග වීම සැලිකිල්ලට ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් කළ විමසුමකදී කියා සිටියේ.