Friday, May 3, 2024

General line - 0115112241

ආසාදිතයින් හදුනා ගැනීමේ අහඹු පරීක්ෂණ නතර කළාද? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්




අහඹු පී සී ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මේ වන විට සිදු නොකිරීම හේතුවෙන් සමාජය තුළ පැතීරි ඇති කොවිඩ් ආසාදිතයින් පිළිබඳ නිසි පරිදි දත්ත ලබා ගැනීමට නෙැහැකි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගන්නා පුද්ගලයින්ගේ දෙවන පෙල සහ තුන්වන පෙල ආශ්‍රිතයින් හදුනා ගැනීමද මේ වන විට සිදු නොවන බවයි. 

මේ වන විට හදුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ට වඩා වැඩි ආසාදිතයින්ගේ පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීමේ අහඹු පරීක්ෂණ  සිදු කිරීම නතර වී ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන්ද කරුණු වීමසුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.