Wednesday, May 15, 2024

General line - 0115112241

එගොඩඋයන එන්නත්කරණ චෝදනාවට ප්‍රධාන සෞඛය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උත්තර (VIDEO)




මොරටුව එගොඩඋයන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සිය හිතවතුන් පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. අදාල ග්‍රාම නිලධාරී වසමෙන් බැහැරව පිට ප්‍රදේශවල ජනතාව සදහා මෙම එන්නත ලබා දී ඇති බවයි ප්‍රදේශවාසියෙකු නෙත් නිවුස් වෙත සදහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කල විමසීමකදී මොරටුව එගොඩඋයන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සංඛ විතානගේ පැවසුවේ එන්නත්කරණයේදී එවැනි අකටයුතුකමක් සිදුව නොමැති බවයි. මෙය අසත්‍ය චෝදනාවක් බවද ඔහු සදහන් කළා.