Wednesday, May 15, 2024

General line - 0115112241

නියමිත දිනට පමණක් සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබා ගන්නැයි දැනුම්දීමක්

ශානිකා ලක්මාලි




දිනක් තුළ මෙරටදී ලබා දුන් වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ ඊයේ දිනයේදී පුද්ගලයින් එක් ලක්ෂ 37,067 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවයි. ඒ අනුව සයිනොෆාම් පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයින් 59,881 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 76,615 දෙනෙකුට ලබා දී තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී ස්පුට්නික් දෙවන මාත්‍රා 390 ක් සහ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රා 181 ක් ලබා දී ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව නියමිත දිනට පෙර ලබා ගැනීමට එන්නත්කරන මධ්‍යස්ථාන වෙත බොහො පිරිසක් පැමිනෙණ බවයි සෞඛ්‍ය අංහ පැවසුවේ. මේ වන විට පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දිමට අවශ්‍ය සයිනොෆාම් එන්නත් තොග දිවයිනට ලැබී ඇති බැවින් තමන්ට අදාළ දිනයේදී එම එන්නත්කරනය සිදුකරගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වුවා.

මේ අතර මේ වන විට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකු සදහා ලබා දී තිබෙනවා. ඉන් තුන් ලක්ෂ 55,358 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

සයිනොෆාම් එන්නතේ පලමු මාත්‍රාව මේ වන විට මෙරට පුද්ගලයින් දොළොස් ලක්ෂ 69,157 දෙනෙකු සදහා ලබා දී ඇති අතර ඉන් පුද්ගලයින් එක් ලක්ෂ 54,640 දෙනෙකු සදහා එහි දෙවන මාත්‍රාවද ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 64,986 දෙනෙකු සදහා ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩි දුරටත් පැවසුවේ.