Thursday, May 16, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි කළේ ජීවන වියදම් කමිටුවේ එකගතාව මතයි. - ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්




ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යවරයාගේ සහ විශය භාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව මගින් අවධානය යොමු කළ කරුණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉකුත් මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යාම ඉන් එක් ප්‍රධාන හේතුවක් බවයි. මේ වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ඇති අතර එය තවදුරටත් ඉහළ යනු ඇති බව වෙලදපොළ ප්‍රවනතා මගින් පැහැදිලි කර තිබෙනවා. ඉන්ධන මිල ගණන් වැඩි කිරීම දේශිය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිළිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර වැඩි කළ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමට රජයේ අවදානය යොමුව ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසකින් විරෝධතාව එල්ල වුණා. ඒ අනුව ඉන්ධන මිල යළි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබදව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයේදී යළි සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.