Tuesday, May 14, 2024

General line - 0115112241

ගිනිගත් නැවේ බලපෑම තවත් වැඩි වෙයි - මියගිය කැස්බෑවන් ගණන 28 ක් දක්වා ඉහළට




කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් මුහුදු පද්ධතියට සිදුවූ හානිය තවදුරටත් වැඩි වෙමින් තිබෙනවා. ගතවූ සති දෙකක කාලය තුළ පමණක් මෙහි බලපෑම හේතුවෙන් මියගිය බවට සැක කෙරෙන කැස්බෑවන් 28 දෙනෙකු වෙරළ තීරයන් වෙත ගොඩගසා ඇති බවයි වනජීවී හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුව පැවසුවේ.

 මියගිය මුහුදු ජීවීන් අතර ඩොල්ෆින් මත්ස්‍යයින් 05 දෙනෙකුද වනවා. මෙම මිය ගිය කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් වැල්ලවත්ත, දෙහිවල, මොරටුව, එගොඩඋයන, පානදුර, කොස්ගොඩ, ඉදුරුව, ගාල්ල, උණවටුන, කුඩාවැල්ල, මාරවිල සහ තුඩුවාව යන වෙරළ තීරයන්වලට ගොඩගසා තිබුණා.

මියගිය කැස්බෑවන් අතර බටු කැස්බෑවන් 07 ක්, පොතු කැස්බෑවන් 04 ක් සහ ගල් කැස්බෑවන් 04 ක් ද වන බවයි වනජීවී හා වන සංරක්ෂන අමාත්‍යංශය සදහන් කළේ. ආසාදිත තත්ත්වයෙන් පසුවන කැස්බෑවන් දෙදෙනෙකු මේ වනවිට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

මෙම මුහුදු ජීවීන්ට අමතරව පරා, ගල් මාළුල මුහුදු ආදන් හා වෙරළ ආසන්න පක්ෂීන් වර්ග රැසක්ද මෙම නෞකාවේ බලපෑම හේතුවෙන් මිය ගොස් ඇති බව එම අමාත්‍යංශය සදහන් කළා. 

අදාල නෞකා සමාගමට එරෙහිව සමුද්‍ර පරිසර හා වෙරළ සංරක්ෂණ අධිකාරියල මධ්‍යම පරිසර අධිකාරියල අධිකරණ අමාත්‍යංශය හා එක්ව ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ගවලදී සමුද්‍ර ආරක්ෂිත සත්ත්ව විශේශයන්ට සිදු වූ හානිය පිලිබද අවධානය යොමු කරනු ඇති බවයි වනජීවී හා වන සංරක්ෂන අමාත්‍යංශය සදහන් කලේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ විෂය භාර අමාත්‍ය සී බී රත්නායක,

මෙම මුහුදු ජීවින් මිය යාමට හේතුව ඉදිරි පරීක්‍ෂණවලදී අනාවරණ වනු ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිල නීතීඥ දර්ශනී ලහදපුර සඳහන් කළේ,