Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි




ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මෙරට පවතින කොරෝනා අවදානම හේතුවෙන් දින නියමයක් නොමැතිව එරට රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. බහරේනය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව සදහන්.

මේ හේතුවෙන් බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල පුද්ගලයින්ට ද අත්හිටුවා තිබෙනවා.

බහරේනයේ පුරවැසිභාවය ලබා ඇති පුද්ගලයන්ට මෙම තහනම බලනොපාන බවයි වාර්තා වන්නේ.