Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් දිවුරුම් දෙයි




අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අද දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ද ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.