Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපතිවරයා ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වැඩ භාර ගනී




ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපතිවරයා ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා.

ඒ,  නාවික හමුදා මුලස්ථානයේදීයි. රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වී තිබෙනවා.

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා  ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ නව ආඥාපති තනතුරට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන්ද තවදුරටත් කටයුතු කරන බවයි නාවික හමුදාව පැවසුවේ.