Friday, May 3, 2024

General line - 0115112241

අසාද් සාලි සම්බන්ධයෙන් මුලික විමර්ශන අවසන් - නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි




බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්  තමා එම රැදවුම් භාරයෙන් මුදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා අසාද් සාලි විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවු අවස්ථාවේදීයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඒ බව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම විමර්ශනවලට අදාළ උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සදහන් කළා.  

ඒ අනුව ඉදිරියේ එම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීමේ ඇති හැකියාව නීතිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.

කෙසේවෙතත් පෙත්සම්කරු සම්බන්ධයෙන් මාවනැල්ල බුදුපිළිම කඩා විනාශ කිරීමට අදාළ විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම ජූනි මස 28 වනදා තෙක් කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ.