Friday, May 3, 2024

General line - 0115112241

ගිනිගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් බාහිර පාර්ශවයන්ටත් සහනයක්




ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බලපෑම හේතුවෙන් පීඩාවට පත් වූ බාහිර පාර්ශවලට තමන්ට වූ හානිය පිළිබදව දැනුම්දීම සදහා වෙනම ක්‍රමවේදයක් සකස් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඒ අනුව ඔවුන්ට සිදුවූ අලාභයට අදාළ හිමිකම් ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත් කර ඒ සදහා අවස්ථාව ලබාදෙන බවයි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේ.

ගිනිගත් නෞකාව හේතුවෙන් මෙරටට සිදුවූ බලපෑම සහ හානිය පිළිබද වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. මේ, එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි.

මෙම මාධ්‍ය හමුවට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද එක්වූ අතර  අමාත්‍යවරයාද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරටට සිදුවූ හානිය පිළිබද අදාළ වන්දි ලබාගැනීම සදහා ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබාගැනීමට ද පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව විශේෂඥයින් දෙදෙනෙකු ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ.