Wednesday, May 15, 2024

General line - 0115112241

ඇමති ගම්මන්පිලට සහය පළකරමින් පොහොට්ටුවේ පක්ෂ 08 කින් ඒකාබද්ධ නිවේදනයක්




ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මත පැටවීමේ වෑයම හෙළා දකින බව සදහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ 8 ක් අද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. අපේ ජනබල පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා සමසමාජ පක්‍ෂ, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, එක්සත් මහජන පක්‍ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්‍ෂය යන පක්‍ෂ 8 ක නායකයින්ගේ අත්සනින් යුතුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. මේ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

මේ, ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි.

අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

ඉන්ධන මිල සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ද අදහස් පළ කළා.