Friday, May 3, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි කිරීමේ තිරණය සාධාරණ නැහැ - කාදිනල් හිමියන්ගෙන් නිවේදනයක්




ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය සාධාරණ නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය නම් එය කළ යුතුව තිබුනේ මෙවැනි විනාශයකට ජනතාව ඇද වැටී ඇති මොහොතක නොවන බවයි කාදිනල් හිමියන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

මෙවැනි මිල වැඩි කිරීම්වලින් දිළිදු ජන කොටස් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙයසි කාදිනල් හිමියන් රජයෙන් ඉල්ලා සිටින්නේ. එදිනෙදා යමක් සොයාගැනීම සදහා සුලු රැකියාවල යෙදෙන, විශේෂයෙන් ඉන්ධන භාවිත කරන ජන කොටස්වලට යම් සහනයක් සලසන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවද කාදිනල් හිමියන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන්.