Friday, May 3, 2024

General line - 0115112241

පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ දේශීය නියෝජිතයාට ඇප




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙසයි විනිසුරුවරයා එහිදී නියෝග කර ඇත්තේ.