Friday, May 3, 2024

General line - 0115112241

ගෑස් මිල ඉහල නොදමන්න ආණ්ඩුව විකල්ප සොයයි




ගෑස් මිල ඉහළ නැංවීමකින් තොරව අදාළ සමාගම් විසින් දැනට ලබන පාඩුව අවම කිරීම සදහා විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා. පරිසර අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්ද යන්නයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ලාෆ් සමාගම රුපියල් 700 කින් සහ ලිට්ට්‍රෝ සමාගම රුපියල් 670 කින් ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීම් කර ඇති බවයි. මිල වැඩි කිරීමක් සිදුවන්නේ නම් එය රුපියල් 400 කින් විය යුතු බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ අදහස වී තිබෙනවා.

ඒ අනුව මිල ඉහළ නොදමා ගත හැකි විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය කමිටුව ගෑස් සමාගම්වලට සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට දැනුම්දුන් බව අමාත්‍යවරයා එහිදී සදහන් කළා. ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවට මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුලත් වනවා.