Friday, May 3, 2024

General line - 0115112241

අමෙරිකා - රුසියා නායකයින් ස්ව්ට්ස්ටර්ලන්තයේදී හමුවෙයි




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති වලැද්මීර් පුටින් අතර හමුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබෙනවා. ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් පසු රුසියානු ජනාධිපතිවරයා හමුවන පළමු අවස්ථාව මෙයයි.

දෙරටේ නායකයින් සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝ ද එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම සාකච්ඡාවට සහභාගිවීමට කෙටි වේලාවකට පෙර  අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මානව හිමිකම් සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබුණා.

එහි දැක්වෙන්නේ මානව හිමිකම් බලපෑම් ඇති වූ වින්දිතයින්ට විසදුම් සදහා ප්‍රවේශයක් අවශ්‍ය වන බවයි. ඒ අනුව මෙම සාකච්ඡාවේදී මානව හිම්කම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුවනු ඇති බවටයි අන්තර්ජාතික මාධ්‍ය මත පළ කර ඇත්තේ.