Wednesday, May 8, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ ගැටුම්වලින් සිවිල් වැසියන් 20දෙනෙකු මරැට




ගතවූ පැය විසි හතර තුළ ඇෆ්ගනිස්තානයේ ගැටුම්වලින් සිවිල් පුද්ගලයන් 20 දෙනෙකු පමණ මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්තාන හමුදා සහ තලේබාන් සාමාජිකයන් අතර පැවති ගැටුම්වලට මැදිව මෙම පුද්ගලයන් මියගොස් ඇති බවයි.

මියගිය පිරිස අතර සෞඛ්‍ය සේවා සහන සේවකයන් පස්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රදේශ රැසක බලය තලේබාන් සංවිධානයේ යටතට පත්වී ඇත.

එරට මාධ්‍ය වාර්තා කළේ සාරේ ඊ ෆුල් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක තුනක බලය තලේබාන් සංවිධානය විසින් තහවුරැ කරගෙන ඇති බවයි.