Thursday, May 9, 2024

General line - 0115112241

ගාසා තීරයේ අළුයට සැගව තිබූ ගිනි යළි ඇවිලෙයි




ඊශ්‍රායලය හා පලස්තීනය අතර යළි ගැටුම් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ, දින 11 ක් පුරා පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව දෙපාර්ශවය විසින් එළඹ සිටි සටන් විරාමය ද උල්ලංඝණය කරමින්. එමෙන්ම ඊශ්‍රායලය හා පස්තීනය යළිත් සටන් ආරම්භ කර ඇත්තේ ඊශ්‍රායල තුළ සිදුවූ බල පෙරළියෙන් දින කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්. 

කෙසේවෙතත්, ඊශ්‍රායලයේ ප්‍රහාරක ගුවන් යානා මගින් ගාසා තීරයට ඊයේ රාත්‍රියේ ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ සිවිල් වැසියන් රැඳී සිටි ගොඩනැගිලි කිහිපයකට එලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි. වගා භූමි කිහිපයකට ද ප්‍රහාර එල්ල වී තිබෙනවා. කෙසේවෙතත් හමාස් සටන්කරුවන්ගේ හඳුනා ගැනුණු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායලය පැවසුවේ. 

ගිනි අවුළුවන ලද බැලූන් විශේෂයක් ඊශ්‍රායල පාලන ප්‍රදේශයකට මුදා හැරීමේ සිද්ධියක් පාදක කර ගනිමින් දෙපාර්ශවය අතර මෙවර ගැටුම් ඇතිවී තිබෙනවා. ගාසා සටන්කාමීන් පවසා ඇත්තේ ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදුකළ විරෝධතා පාගමනකට ප්‍රතිචාර දක්වමින් එලෙස බැලුන් මුදා හැරි බවයි.