Friday, May 3, 2024

General line - 0115112241

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමට යෝජනා




ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකුට සිය නිලයන් අනුව ස්ථාන මාරු ලබාදීමට යෝජනා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස්පති නිල කාර්යාලය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නන්දන මුණසිංහ, ස්ථාන මාරු කිරීමට යෝජනා වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමට යෝජනා වී තිබෙනවා. උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සංජීව ධර්මරත්න ස්ථාන මාරු කෙරෙන්නේ උතුරු මැද පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. 

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කෙරෙනු ඇති. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට යෝජනා වී ඇත්තේ එම් ඩී ආර් එස් දමින්දයි. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ඌව පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු පත් කිරීමට ද යෝජනා වී තිබෙනවා. 

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අපරාධ මැඩලීම සහ සංවිධානාත්මක අපරාධ විසඳීම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.